Monday, February 24, 2014

චූටි කොලුවා 2 කොටස

      පෙරේදා ලිව්ව පෝස්ටුව බනිය අයින් කරන්න කියල කිව්ව නිසා අයින් කරන්න සිද්ධ උනා, උබල ඒක බලන්න ඇවිත් මංමුලා උනානම් ඒකට මාගේ සාතිසය මෙව්ව එක.අද ඉතින් මන් මේ කියන්න ආවේ බ්ලොග් අවකාසයේ මන් දැකපු ලාබාලතම බ්ලොග් කරුවාගේ වීර වික්‍රමයන්ගෙ දෙවන කොටස අරන්.අනේ මන්ද මූ දගලන හැටි දැක්කම හිතෙන්නෙ මුට මොනාහරි කියන්නමයි.මේව ඉතින් අපේ සමහර සමකාලීන ඇත්තන්ටනම් නයාට අදුකොල වගේ.ඇයි ඉතින් එයාලගෙ වෙබ් ට්‍රැෆික් වැඩි කරන්න සෑහෙන දායකත්වයක් දෙනවනෙ මේ පොඩි කොල්ලො.මන් මෙහෙම කිව්ව කියල උබල ඉතින් තරහ වෙන්න එපා මාගේ හිතවතුනී.

      මගෙ කලින් පෝස්ටුවෙන් මන් කිව්වනෙ හිතින් හෙනට වයස ගිය ඒත් තාම නැට්ටට කිරි උරපුවත් නැති කොල්ලෙක් පොර වෙන්න යන එක ගැන.මෑන්ස් මන් ඒ පෝස්ටුව දාල දවස් දෙකතුනක්ම යනකන් බුකියෙවත් බ්ලොග් වලවත් ඇහැට දැක්කෙ නෑ.අනික මෑන්ස් ඒ පොස්ට් එකට කමෙන්ට් කරලත් නෑ, ඒ මොකද ඒ මන් කියපු දේවල් මෑන්ස්ට බොරු කියල ඔප්පු කරන්න බැරි නිසා.මන් හිතුව මිනිහත් කෙල්ලො බෙල්ලෙ වැල දාගන්නව වගේ බෙල්ලෙවැල දාගත්තද වත් කියල, ඒත් ඊයෙ ඉදල මෑන්ස් ඔන්න ආයෙත් කරලියට බැහැල.ඔන්න අද අපේ මහාචාර්ය තුමාගෙ බොගේ කමෙන්ට් කරපු අයට රිප්ලියි කරල සංවාදයක් ගොඩනගල.ආයෙ ඉතින් ඒ වෙන මොකටවත් නෙමේ පින්වතුනී ඔහුගේ පොරත්වය ඉස්මතු කරගන්න තමා ඒ.මෑන්ස් පය ගහන්නෙම බ්ලොග් ලෝකෙ පොරවල් කියල හංවඩු ගැහිල තියන බොගවල් අස්සෙ තමා, ඒව අස්සෙ ගිහින් රගනව අම්බානක කට්ටිය අතරෙ ජනප්‍රිය වෙන්න, තම පොරත්වය ඉස්මතු කරගන්න.දැන් ඉතින් සමහර උන් කියයි මන් මේ ඉරිසියාවට කියන කතා කියල.අනේ මන් මොකට ඉරිසියා කරන්ඩද ආයුබොවන්ඩ මාත් මේ අද ඊයෙ මෙතනට පහල උන ඇත්තෙක් නෙමේ.මාත් මේක කාල හොදට වතුර බීපු මනුස්සයෙක්.

      බ්ලොග් ලෝකෙ පොරක් වෙන්නනම් කරන්න සුදුසුම දේ විදිහට මන් දකින්නෙ යමෙකුට ආසාවෙන් කියවන්න පුලුවන් දේවල් වැඩි වැඩියෙන් ලියන එකයි (ඔව් ඔව් මන් මේ ලියන්නෙ බහුබූත තමා, මොකද මට මෙතන පොර වෙන්න ඕන නෑ) කොච්චර බ්ලොග් ලෝකෙ රුගුවත් වැඩක් නෑ තමන්ට හරිහමන් දෙයක් ලියාගන්න බැරිනම්.අනික තමා අනිත් බ්ලොග් කාරයන්ට ගරුත්වයක් දීල කතා කරන එක.තමුනුත් උන්ගෙ වයසෙ වගේ රගපාන්නෙ නැතුව අදාල අයට නිසි ගරුත්වය දීල අයියෙ අක්කෙ කියල කතා කරනවනම් අනිත් බ්ලොග් කාරයො උනත් අනේ මල්ලි කෙනෙක්නෙ කියල හොදට සලකනව.ඒකට මන් දැකපු හොදම උදාහරණ වලින් එකක් තමා මුදිය නොහොත් සමිය කියන්නෙ.සමිය මන් දැකල තියනව ගොඩක් තැන් වලිදි අනිත් අයට ඒ ගරුත්වය දීල කතා කරනවා.ඒ නිසා ඒ කොල්ලට අපි කවුරුත් ආදරේ කරනවා.

       ඉතින් මේ අපේ අවුරුදු 17තේ චූටි කොලුවනම් හදන්නෙ තමන්ගෙ වයස අනිත් අයගෙන් හංගල බ්ලොග් ලෝකෙට වැඩි වයසක් පෙන්නල, පොර ටෝක් දීල කට්ටිය අල්ලන් පොර වෙන්න.අපිනම් ඉතින් දන්නව ගොනා හැරෙද්දිම පොල් පැලේ කන්න තමා කියල.මෑන්ස්ගෙ තවත් පුරුද්දක් තමා දාන දාන කමෙන්ටුවට තමන්ගෙ නැට්ට එල්ලීම (නම හෝ බොගට ලින්කුව දාල) ඒකත් ඉතින් හොද උපක්‍රමයක් තමා කට්ටිය ඇදගන්න.මොනා උනත් ඌ ඇත්ත වහන් කරල ලොකු ලයින් එකක් අල්ලන එකනම් මට පෙන්නන්න බෑ.ඒකයි මේ වගේ තේරුමක් නැති දේවල් ලියන්න හිතෙන්නෙ. :D

ප.ලි :- මෙතන කට්ටිය මට බැන්නත් මන් ඕව්ව ගනන් ගන්නෙ නෑ, මොකද මන් පොර වෙන්න ලියන දේවල් නෙමේ මේ.
අනික මන් උබලගෙ බොගවල් වලට කමෙන්ටු කොටන් නෑ කියල හිත් අමනාප කරගන්න එපා.මන් හැකි හැම වෙලාවකම බොලාගෙ බොගවල් වලට මගෙ අනිත් එකෙන් අදහස් දක්කනවා :D

8 comments:

  1. බනියගේ පෝස්ටුවට මොකක්ම හරි කමෙන්ට් එකක් දැම්මේ මම විතරද? :P
    පව් යකෝ මේ අහිංසක මනුස්සය. මොක උනත් ඒක උගේ ආතල් එකනේ :3

    ReplyDelete
    Replies
    1. උබ විතරක් නෙමේ සෑමයි, බනියයි කමෙන්ට් කලා :P
      අපි ඉන්නෙ ඔය වගේ ගොන් ආතල් කන්න බන් :D

      Delete
  2. මේ පාර මඩයගේ ගොදුර උනේ කවුද කියලා බලන්න අවා.
    හපෝයි.......! මමත් මංමුලා උනා අයියෝ.

    ReplyDelete
    Replies
    1. වෙන කව්ද බන් අපේ දුලා පුතා තමා :D

      Delete
  3. මාත් එදාම බනියගෙ පෝස්ට් එක බලන්න ආව එතකොට ඒකට සොරි වෙලා.
    ඔන්න ඔහෙ ඕකට ඉන්න දියං.

    ReplyDelete
    Replies
    1. කොහෙද ඌ ඒක අයින් කරන්න කියල නාහෙන් ඇඩුවනෙ බන්,
      අපි මුන්ව හදල ගන්න ඕන බන් නැත්තන් බ්ලොග් අවකාසෙ බිහිවෙන්නෙ අලි ඔලු කාරයොයි අම්ම අප්පටත් මචං කියන උන් විතරයි.

      Delete
  4. පොරවල් වෙන්න දඟලන උදවිය වැඩිකල් දඟලන්නේ නැහැ ඔන්න ඔහේ පාඩුවේ ඉන්න මස්සිනා :)

    ReplyDelete
    Replies
    1. ආයෙනම් මූව අල්ලන් දගලන්න අදහසක් නෑ මස්සිනා :)

      Delete