මේ තමයි මඩයගේ බ්ලොගේ පලවෙනි පෝස්ටුව, මේ බ්ලොග මන් පටන් ගැනීමේ ප්‍රධාන අරමුණ තමා මඩ ගහගැනීම.හැබැයි රණ්ඩු වීම් කුණුහරප කීම් ඔට්ටු නෑ.පලවෙනි පෝස්ටුවට මම තෝරගත්තෙ අද හිට්ස් ලක්ෂ 5කට ලගා උනු සෑම්ගේ කතාව ලියන සෑම්ව.අපි බලමු සෑම් මොනාද කියන්නෙ කියලා.
සෑම් :- කොහොම සහයක්ද ඕනෑ?
මඩයා :- මා අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම ප්‍රමාණවත්
සෑම් :- හලි
මඩයා :- අපි ඔබගේ සම්පූර්ණ නම දන්නවානේ, කැමතියි ඔබට පවුලේ අය කතාකරන නම දැනගන්න
සෑම් :- ගෙදර අය - චූටි පුතා / චූටී නෑදෑ අයියලා/අක්කලා - සමී බොහොමයක් අය සෑම්
මඩයා :- පාසල් මිතුරන් එකල ඔබ ඇමතුවේ?
සෑම් :- සෑමා/සෑම් , සැමියා කියලත් කිව්වා :(
මඩයා :- වෙන චාටර් නම් තිබුනෙ නැද්ද?
සෑම් :- සැම්සන් කිව්වා තරහට නෙවෙ, ආදරේට
මඩයා :- එච්චරද?
සෑම් :- යර්ස්
මඩයා :- පාසල් සමයේ කරපු පිස්සු වැඩ ටිකක් කිව්වොත්?
සෑම් :- බ්ලොග පිරෙන්න ඇති බං , මුල් ලිපි වල
මඩයා :- නෑ මෙතන ඔබ පැවසිමට කැමති හොදම එක පිස්සු වැඩක්වත් කියන්න
සෑම් :- හයියූ.. එක පාරට මතක් කරන්න එපැ , හොදම ආතල් එක තමා අනිවාරතේ ලියන ගැටයාව , ඌ ඒ කාලෙ තනි ඇටයා , ප්රිෙෆක්ට් රූම් එකේ එල්ලලා තිබ්බා දොරේ ඉබ්බා අරන් ගිහින් , උගෙ කලිසමේ ලූප් එකට දාල ලොක් කලා , ඌ මාර දුකක් වින්දා ෂර්ට් එක උඩින් දාගෙන ඉදල , යතුර නැති නිසා මූ ලූප් එක කපලා ඉබ්බා එහා වත්තට විසික් කලා , පස්සෙ HP ආව යතුර අරන්. ඌ අපේ එකෙක් මයි , එතකොට යතුරත් වැඩක් නැහැ ඉබ්බා එහා වත්තෙ නිසා
මඩයා :- නියමයි...ඒ කාලෙ ක්ලාස් එහෙම කට් කරල රවුන්ගහල තියනවද?
සෑම් :- හිකිස් , සදාතනිකව ;) මම ඕලෙවල් කලේ චිත්‍ර බං. කවදවත් පන්තියෙ නැහැ , දවසක් පිනා එනව කියල කොල්ලො දුවගෙන ආපු නිසා මම සාධාරන ලෙස චිත්‍ර කාමරේට රිංගුවා , ටීචර් මාව පැන්නුවා මම චිත්‍ර නෙවෙ කියල , මම ටීචර්ට නම් ලිස්ට් එක අරන් වටහලා දුන්න මම චිත්‍ර දරුවෙක් කියල , මොනව වුනත් ගණිත පිරියඩ් එකේ පන්තියෙ හිටියා, ටීචර්ගෙ බුලිය බලන්න.
මඩයා :- ඉස්කෝලෙ ගණන් ටීචර්ගෙ බුරිය බලන එක ඒ තරම් ආතල්ද? :D
සෑම් :- අද තාමත් බං.. එයා තරුනයි :)
මඩයා :- ටියුෂන් ක්ලාස් කට් කරල මොකද කලේ?
සෑම් :- ටියුෂන් කට් කලේ එක දවසයි බං. එදා කොල්ලො සැට් එක ගියා පිලුම් එකක් බලන්න. නුගේගොඩ , දුක කියන්නෙ පාන්දර ඉදන් ටියුසන් ක්ලාස් කට් නොකර ගිහිල්ලත් විස්ස විද්‍යාලෙ නොගිය එක
මඩයා :- A/L කීපාරක් කලාද?
සෑම් :- දෙවරයි
මඩයා :- විශ්ව විද්‍යාල වරම් නොලැබුනායින් පසු මොනාද කලේ?
සෑම් :- ඊට පස්සෙ බං මගෙ යාලුවෙක් මාව ඇදගෙන ගියා මෙඩිකල් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කියල සීන් එකකට , bpo කම්පැනි එකක , ඒ ගිහින් එතන ට්‍රේනින් උනා. ඌ ntd ගියා මම merchandising සීන් එකක් කලා මොරටු කැම්පස් එකේ. තව එක එක මගුල් කලා බං.
මඩයා :- වර්තමාන රැකියාව ගැන සදහන් කලොත්?
සෑම් :- කොටින්ම කිව්වොත් දොස්තරලට බෙහෙත් දෙනවා
මඩයා :- ඒ කියන්නෙ බෙහෙත් බෙදාහැරීම?
සෑම් :- promotion
මඩයා :- හම්...දැන් ආදරය ගැන. ඔබගේ පෙම්වතිය ගැන සදහන් කලොත්?
සෑම් :- අර මම කියපු කොල්ලා 2008 වසරේ අර කෝස් එකට එක්ක ගිය දවස පටන් තමා මගෙ අදලේ පටන් ගත්තෙ :) ඒක අහවර වුනා බං ගිය අවුරුද්දෙ
මඩයා :- අහවර උනේ මංගල්‍යකින් කියල කියහන් :D
සෑම් :- හිකිස්.. මම හිතුවා උබ දුක හිතිල මොකැ වුනො කියල අහයි කියල :/
මඩයා :- මම බ්ලොග් නොකියවන එකෙක් නෙමේ :)
සෑම් :- අපි දන්න එකෙක්ම වෙස් වලාගෙන ඇවිත් වගේ
මඩයා :- ඔබත් ඇයත් මුහුණ දුන් අමතක නොවන සිදුවීම් වලින් වැඩියෙන්ම හිනායන සිදුවීම පැවසුවොත්
සෑම් :- තකහනියෙ මතක් වෙන්නෙ නැහැනෙ , වැඩියෙන්ම හිනා යන එක නෙවෙ, මතක් වෙන එකක් කියන්නම්
මඩයා :- ඔබගේ කැමැත්තක්
සෑම් :- කිටී කොන්දා වූ හැටි කියල පෝස්ට් එකක් ඇති , 177 බස් එකක කොන්දා බස් හෝල්ට් එකේ බැහැල ඉන්නකොට කිටී බස් එකේ දොර වහලා, කොන්දව මග දාල බස් එක ගොඩක් දුර ආපු සීන් එකක් , කොන්දා ත්‍රිවීල් එකකින් එලවගෙන ආවෙ
මඩයා :- ඇය දොර වැහුවේ ඇයි?
සෑම් :- AC වල දොර වහනව නේ. ඒක වැහුවම ඩ්‍රයිවර් බලන්නෙ නැහැ ඩ්‍රයිව් කරනව , ෆුට් බෝඩ් එකෙත් සෙනග ඉදල මෙයා අත දාල වහල
මඩයා :- වෙන මොනවද මතක් වෙන්නේ?
සෑම් :- හ්ම්...ප්‍රසිද්ධියේ කියන්න බැරි ඒව තියෙන්නෙ
මඩයා :- අන්න ඒව තමා වැඩිය වටින්නෙ
සෑම් :- :P
මඩයා :- ෆිල්ම් හෝල් වල බොක්ස් නැති හින්දා ග්‍රහලෝකාගාරෙට ගියා කියන්නෙ ඇත්තද?
සෑම් :- බ්ලොග් එකේ කතා හැම එකක්ම ඇත්ත.විටක අදාල චරිත නාම වෙනස් කරන්න වෙනවා
මඩයා :- විවාහ උනාට පසුව ජීවිතේ මොන විදිහටද දැනෙන්නේ?
සෑම් :- වෙනසක් නැහැ , සම්බාධක නැති නිසා වෙන්න ඇති , දෙන්නම වැඩට යන නිසා ප්‍රශ්න අඩුයි
මඩයා :- ඇයගේ ගතිගුණ ගැන පැවසුවොත්?
සෑම් :- උයන්නමයි දගලන්නෙ , විනෝදාංශය ඉවීම
මඩයා :- උයන කෑම රසයිද?
සෑම් :- පිස්සු කොර , බ්ලොග පැත්තක එල්ලලා තියෙන මනීෂ කේටර්ස් එක ඒගොල්ලන්ගෙ. කෑම ගැන ඉතිං නෝ කතා
මඩයා :- පලවෙනිපාරට එයාගෙන් කෑවෙ කවදද කියල මතකද?
සෑම් :- අර කෝස් එකට යන කාලෙ කැවා. ගෙදරින් ගෙනාපුවා
මඩයා :- ඔබත් ඇයත් එකම ස්ථානයකද රැකියාව කරන්නේ?
සෑම් :- නැහැ
මඩයා :- ඔබ ඇයගේ අකමැති දේවල් තියනවාද?
සෑම් :- නොකන දේවල් හදල කන්න කියන එක තමා අවුල
මඩයා :- තලන බටු කාල ඉවරද? :D
සෑම් :- ඒක රසයි බං. දැන් කන්න ආසයි :ඩී අපූරුයි !
මඩයා :- අපූරු ඇති කියල හිතෙනවා අපූරුයි කිව්වාම.
සෑම් :- හිකිස්
මඩයා :- දරුවන් ගැන දැන්ම සිතනවාද?
සෑම් :- ඔව්.
මඩයා :- ඒ කියන්නෙ වැඩි කලක් නොයා පියෙක් වෙයි :D
සෑම් :- අපෙ අයියගෙ දරුවො මෙහෙ එන නිසා එයාල ගැන හිතල අපි කැඩෙන බිදෙන බඩු උඩින් තියල තියෙන්නෙ.
මඩයා :- නොදකින් කියපු කතාව :P
සෑම් :- අපි ඒ දරුවො ගැන හිතනවා. චොකලට් එකක් හරි අරන් දෙනවා
මඩයා :- මන් ඇහුවෙ උබ දැන්ම තාත්ත කෙනෙක් වෙන්න අදහසක් තියනවාද කියල
සෑම් :- අන්න එහෙම අහං , දැන්ම අදහසක් නැහැ , මගේ අදහස නිකං පොට්ට සොට් ගහනවට වැඩිය ප්ලෑන් කරල අසරනයාගේ පෝස්ට් එක ඇත්ත නැත්ත චෙක් කරන්න.
මඩයා :- අසරනයාගේ පෝස්ට් එක ගැන පැහැදිලි කලොත්?
සෑම් :- අසරණයා: තවත් එක් ලිංගික පාඩමක්.
මඩයා :- ඔබ පියෙක් වීමට බලාපොරොත්තු වන්නේ තව කොපමන කාලයකින්දැයි සදහන් කලොත්?
සෑම් :- අදහසක් නැහැ තාම කාලය පිලිබද
මඩයා :- කොල්ලෙක්ටද කෙල්ලෙක්ටද ආස?
සෑම් :- පලවෙනියා කොල්ලෙක් වෙන්නෝනි
මඩයා :- ක්‍රිකට් ටීම් එකක්වත් හදනවද ;)
සෑම් :- හාමුදුරුවරු කියනවනේ
මඩයා :- පැහැදිලි මදි
සෑම් :- හෙල උරුමෙ එහෙම කියන්නෙ
මඩයා :- ආහ් ඒව අහල ඔබ දරුවන් රැසකගෙ පියෙක් වෙන්නද සූදානම
සෑම් :- ඔව් , හොද නැද්ද
මඩයා :- අති විශිෂ්ඨයි (y) , කිටී පව් නැද්ද?
සෑම් :- දෙවියො මවපු මැෂින් නෙවෙද?
මඩයා :- අනේද කියන්නෙ :D දැන් අපි කතා කරමු බ්ලොග් ගැන
සෑම් :- කියන්න
මඩයා :- ඔබ මුලින්ම බ්ලොග් කියවන්න පටන් ගත්තේ කොයිකාලයේද?
සෑම් :- පටන් ගත්ත කාලෙම ලියන්න ගත්ත
මඩයා :- ඔබ ආදර්ශයට ගත් බ්ලොග් කරුවන් කව්රුන්ද?
සෑම් :- මම ගත්ද? මාව ගත්ද?
මඩයා :- ඔබ ආදර්ශයට ගත් අය
සෑම් :- අනිවාරතේ ගැටයා තමා මට කියල දුන්නෙ බ්ලොග අටව ගන්න , ලිපි ලිවීමට කාවවත් ආදර්ශෙට ගත්තෙ නැහැ , ‘ය‘ යන්නෙන් ලිපි අවසන් කිරීම මගේ ආර.
මඩයා :- බ්ලොග් ලෝකෙ තරහ කාරයො ඉන්නවාද?
සෑම් :- තරහකාරයො නැහැ.ඉරිසියා කාරයෝ තරහ ඇති , කබු නායක කියලත් නමක් වැටුන නේ
මඩයා :- ඒ ගැන සදහන් කලොත්?
සෑම් :- අලුත් එකෙක් ලියන්න පටන් ගන්නවට අකැමැති අය ඉන්නවා , උන් කබ්බෝ ලු නේ , ජේෂ්ඨ උත්තමයෝ කියන අය පහර දෙනවා , ඇනෝ කමෙන්ට් දාල
මඩයා :- ඔබට කබු නායක යන නම වැටුනේ?
සෑම් :- කබ්බන් ලීඩ් කරන්නෙ මමලු , මම කිසිම කල්ලියක් හදල නැහැ. හදාගෙනත් නැහැ , කල්ලි හදාගත්ත අය මට පහර දෙද්දි මගෙ වටේ ඉන්න බ්ලොග් කරුවෝ මා වෙනුවෙන් ඉදිරිපත් වුනාම , එයාලා කබ්බො වුනා මම කබු නායක වුනා , ඔය කියන විදිහට අපිත් කල්ලි ප්ලෑන් කරල හදා ගත්ත නම් මීට වඩා බලපෑමක් වෙලා
මඩයා :- අලුතෙන් බ්ලොග් ලියන අයට ඔබ දෙන අවවාදය මොකක්ද?
සෑම් :- මම කියන්නෙ අද බ්ලොග් එක නිර්මානය කලා නම්. ලියන්නෝනි එක දිගට බොහොමයක් බ්ලොග් වැහෙන්නෙ හිට්ස් නැති නිසා. ඔය හිට්ස් බලන්නෙ නැතුව බ්ලොග් ලියනව කියන එක මම හිතන විදිහට බොරුවක් , ආත්ම තෘප්තියක් ලැබෙන්න දෙයක් ඉදිරියට කරන්න ලැබෙන පන්නරය තමා හිට්ස් , හිට්ස් ගන්න එක මහ දෙයක් නෙවෙ, නොනැවතී දිගටම ලිව්වම, වැදගත්, විනෝදකාමී දේවල් වලින් පිරුනම බ්ලොග් එක ගොඩ යනවා.
මඩයා :- ඔබ අද ලබාගත් ලක්ෂ 5ක හිට්ස් ගැන මොනවාද සදහන් කරන්න තිබෙන්නෙ?
සෑම් :- අමුතු දෙයක් නැහැ. මම ලියන එකට මට මගේ රසිකයෝ දිපු දේ තමා ලක්ෂ පහක හිට්ස් , මට බැනල ගිය ඇනෝ කමෙන්ට් කරුවා ගේ ඉදන් සැම බ්ලොග් කරුවෙක්ම ඒ ලක්ස පහේ හිමි කාරයෝ , මට අන්තිමට ඉතිරි ආත්ම තෘප්තිය විතරයි , තව ලියන්න හයියක්. ඒ හැමෝටම ස්තුති කරනවා. නැවත වාරයක්
මඩයා :- ඔබටත් අප සුභ පතනවා තව තවත් ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියා. ඔබ දිනකට බ්ලොග් කියවීම හා ලිවීම සදහා කොපමන කාලයක් යොදවනවාද?
සෑම් :- ඉස්සර රැටත් කියෙව්වා. දැන් අඩුයි නේ ;)
මඩයා :- රෑට වැඩනෙ නේද? ;)
සෑම් :- ඔව් රෑට වැඩ කරන්න නේ දවල්ට ටිකක් නිදා ගන්නෙ :) බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන විදිහට කියවනවා. හැබැයි කමෙන්ට් ෆලෝ කරන්න වෙන්නෙ නැහැ.ඉස්සර මට වුවමනාවක් තිබ්බා දවසට අලුත් බ්ලොග් එකක් වත් ෆලෝ කරල ලිස්ට් එකට දාගන්න. දැන් දිනපතා නැති වුනත් අලුත් බ්ලොග් හොයාගෙන ෆලෝ කරනවා
මඩයා :- කිටී බ්ලොග් ගැන දරන්නෙ මොනවගේ අදහසක්ද?
සෑම් :- එයාට අවධානයක් දෙන නිසා දැනට අවුලක් නැහැ , එයාට කියවන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ මගේ බ්ලොග් එකවත්. සමහර වෙලාවට කියවල සද්ද නැතුවත් ඉන්නවා , එයා හිතන් හිටියෙ මම තමය් මේ ලෝකෙ එකම බ්ලොග්ර් කියල. මම පස්සෙ අපේ එවුන් ටිකකගෙ ලින්ක් දුන්නා :ඩී
මඩයා :- අටම්පහුර ඔබ ගැන ලියූ ලිපිය ඇය කියෙව්වාද?
සෑම් :- ඔව් , එයා ඔපිසියේදි කියවල. තිබ්බා
මඩයා :- ඇය මොකද කිව්වේ ඒ ගැන?
සෑම් :- හිකිස් , මට කිව්වා අර අටමාට රිප්ලයි පෝස්ට් එකක් දාමු කියල , පස්සෙ අටමාට කට්ටිය කියල තිබ්බ ඒක අයින් කරන්න කියල , කිටියා ඇහුව ඇයි ඒක අයින්කරල තියෙන්නෙ කියලත් , විහිළු විහිළු හැටියට දකින්න ඇයටත්, මටත් හැකියාව තියෙනවා.මතක ඇති නේද මම කිස් එකක් ගත්ත කියල සම-හරක් දගලපු හැටි. ඒ සිද්ධිය වෙන කෙනෙක්ට වුනා නම් පවුල හෝ කෙල්ල හෝ දාල ගිහිල්ලා , ඒ තුට්ටු දෙකෝ මානසිකත්වය අපේ නැහැ.
මඩයා :- එම සිදුවීම සම්බන්ධ ලිපියේ යම්කිසි ඇත්තකුත් තියනවා නේද?
සෑම් :- කොයි ලිපියෙද , අටමගෙද?
මඩයා :- ඔව්
සෑම් :- කොතැනද ඇත්ත තිබ්බෙ?
මඩයා :- වැකියුම් එක යකඩ කඩේකින් ගත්ත කියන එක :D
සෑම් :- හිකිස් , මිනුවන්ගොඩ තානායම පාරෙ තියෙන ක්‍රවුන් එකෙන් ගත්තෙ. 1000ට තමා ගත්තෙ. ඒක කඩේ 9000 වෙනවා , බඩු වැඩ. අටමා දෙවෙනි පාර ලෙසටම හදල දුන්නා
මඩයා :- දෙවෙනි පාරත් හැදුවාද?
සෑම් :- හිකිස් , පලවෙනි පාර හදල ඌ වැඩදාල පෝස්ට් එකත් දැම්ම නේ , ගෙදර ඇවිත් ගැහුවම සුටුස් ගාල පිච්චුනාද කොහෙද. දෙවෙනි පාර වැකුම් එකේ රෙගුලේටර් අයින් කාල ඩිරෙක්ට් ලියින් දීල.ඩස්ට් බෑග් එකක් දාල වැඩේ ගොඩ දැම්මා
මඩයා :- අටමා ගැන ඔබ හිතන්නෙ මොනවාද?
සෑම් :- හිත හොද එකෙක්
මඩයා :- එහෙනම් ඉතින් අපේ පලවෙනි පෝස්ට් එකට සහය දැක්වූවට බොහොම ස්තූතියි , මෙම
සංවාදයට මඩ ස්වල්පයක් එකතු කර තමා ලිපිය පලවෙන්නෙ එයට අකමැත්තක් නෑනේ? :D
සෑම් :- මඩ මට වැදුනාට, සංවාදයට එක්වූ අනෙක් පුද්ගල නාම වලට නොවදින්නට වග බලා ගන්න :) ////මඩය එහෙම කිව්වට මේ ලිපියට මඩ බිදක්වත් ඇතුලත් කලේ නෑ ඕන්////
මඩයා :- එසේ කරන්නම්, එහෙනම් ඉතින් චැටි කලාට බොහොම ඉස්කෝතුයි :) ඔබගේ යුග දිවියට, හා ඔබ දෙපලගේ අනාගතයට සුභ පතනවා. පොස්ටුව දැම්මම ඒ ගැන දැනුවත් කරන්නම් :)
සෑම් :- ජයවේවා :)
මඩ ගහන්නයි කියල පටන් ගත්තට අද මඩ ගැහුවෙ නෑ ඕන්, ඉස්සරහට හොද හොද මඩ දෙන්නම්කො.එහෙනම් ඉතින් කට්ටිය කමෙන්ට් එහෙම කරලා (ඕනනම් කමෙන්ට් වලින් මඩ ගහගනිල්ලා) ෆලෝ පාරක් දාල යන්න. :)
පෝස්ටුවෙ මාතෘකාව දැක්කම මට සිහියට ආවෙ
ReplyDeleteඅපේ යාලු මාලු - අරලිය ටින් මාලු දැන්වීම....
උඹ බොග් කෙරුවාව ගැන අහලා තියෙන්නෙ යුගයේ කුජීතම බොග් කරුවෙකුගෙන්...අර අටං වගේ කෙනෙකුගෙන් ඇහුවා නම් කුණුහරුප වුවත් මට සිලුටු කරලා බොග් ලියන හැටි කියා දේවි.
මොනවා උනත්..මඩයාගේ මේ අලුත් වෑයම...සාර්ථක වේවා කියලා අක්මාවෙන්ම පතනවා...එහෙම පැතුවා කියලා එහෙම වෙන්නෙ නෑ කොලුවො...කැපවීමෙන් ලියහං...අපිට ජය වේවා !
බලපං මඩත් එක්ක ලියන්න තිබ්බ පෝස්ට් එකේ මඩ අයින් වුනා සෑමාගේ ටෝක් කිරිල්ල නිසා.. කොල්ලා මඩ නැතුවම දාලා .. හෙහ් හේ...
Delete@සිරා සෑමට ඉතින් අද විසේස දවසක් හින්ද සෑමව ගත්තේ, යුගයේ කුජීතම කුප්පම බ්ලොග් කරුවා කියන එකනම් හැබෑවයි, ස්තුතීයි සිරා මේ පැත්තෙ ගොඩවැදුනාට
Delete@සෑම් උබට දැන් මඩද ඕන? :D පව් නිසා දැම්මෙ නැත්තෙ යකෝ :D
ඔය සැමා, නෑ සෑම ඇරෙන්න වෙන එකෙක් හිටියෙම නෑද මුල්ම පෝස්ට් එකට නම දාන්ට. කමෙන්ට් වලින් මඩ ගහන්න විදිහක් නෑ මේක පැයක් තිස්සෙ කියවන්නෙ. අද ටිකක් බිසී, කුනු රස නැති මඩ රස බලාපොරොත්තු වෙනව ඉස්සරහටත් :D
ReplyDeleteදෙවෙනියා මීටත් වඩා කුප්ප කුජීත ඩයල් එකක් වුනොත් මොකද කියන්නේ ??
Deleteලොල් !!
දෙවෙනියත් ඉතින් මූ වගේම කුප්පයෙක් තමා ගන්නෙ ඉක්මනටම දෙන්නම් ඒ සංවාදය...ඒකටනම් අනිවා මඩ ගානවා.. :D ස්තුතීයි දේශ් මේ පැත්තෙ ගොඩවැදුනාට :)
Deleteඅඩේ පට්ට...නියමයි එක :v
ReplyDeleteබලපං මට රිප්ලයි දාන්න වෙලා..
Delete@සුදුවා මේ පැත්තෙ ආවට ස්තූතියි කොල්ලෝ
Delete@සෑමා උබටත් ඉස්කෝතුයි ඈ කමෙන්ට් කරනවාට
යකෝ සෑමා ගේ පෝස්ට් එකකට යටින් තියන කොමෙන්ට් වලත් මීට වඩා මඩ තියනවා. මේ නම් සැර මදි
ReplyDeleteඉන්ටර්විව් එක ඉවර වෙද්දි මඩයා මඩ වලෙන් ගොඩට ආව.. දන්නවනේ සෑමාගේ ටෝක
Delete:))
@පූමා මට ඕක හිතුන බන්, ඒත් මුට මඩක් ගහන්න හිත දුන්නෙ නෑ, ඒ සංවාදෙ වෙනස් කරල මඩක් ගහනවට වඩා තිබුන විදිහටම දැම්මනම් හොදයි කියල හිතුනා,හැබැයි මූ බේරුනාට අනිත් උන්ට චෑන්ස් නෑ, සෑමාට අද මඩ නැති උනාට ඊලට දවසෙ මඩ නාවනවා. ස්තූතියි බන් මේ පැත්තෙ ආවාට
Delete@සෑමා ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ.හැබැයි දවසක මෙගා මඩක් කන්න ලෑස්ති වෙයන්.මොනා උනත් උබට ඉස්කෝතුයි ඈ :)
නියමයි මඩයෝ හි හි අපිට ගැලපෙන බොගක් ,, ලෙසටම කරගෙන යන්..
ReplyDeleteදෙන්නම් මඩ.දිගටම එන්න හොදේ.
Deleteආවාට ස්තූතියි :)
නියමයි...
ReplyDeleteස්තූතියි :)
Deleteපිරිසිදු මඩ. කොහෙන්ද ආනයනය කරන්නේ ?
ReplyDeleteමේක විතරක් ඇමරිකාවෙන්, මීට පස්සෙ ලන්කාවෙන්ම ගන්නවා :D
Deleteඅලුත් මඩයෙක් :)
ReplyDeleteදැනන් හිටියේ නෑ බන් පරණ මඩයෙක් ඉන්නව කියල, දන්නවනම් වෙන නමක් දානව :)
Deleteමඩයා පරාද උනා එහෙනං සැමා ඩොකාට දාන ජාතියේ ටෝකට.. කෝම උනත් අළුත් වැඩක්. ජය වේවා.. කන්නේ නැතිව දාපං ෆලෝ ගැජට් එක
ReplyDeleteඅඩෝ ඌ කතා කරපු විදිහට මට පව් කියල හිතුන බන් මඩ ගහන්න, මොනා උනත් අලුත බැදපු එකානෙ. :D
Deleteයකෝ මේක මාර මඩ වලක්නෙ :O බලමුකො බලමුකො ඉස්සරහට එන මඩ :D
ReplyDeleteඋබත් පරිස්සමෙන් ඉදහන් :D ආවට ස්තූතියි කොල්ලො :)
Deleteමඩ මඩ කීවට ඇති මඩක් නෑ බලපුවාම.. ගදත් නෑ... එළ ලෙසටම ලියමු අපිත් එඤ්ඤං මේ පැත්තෙ මීට පස්සෙ
ReplyDeleteතැන්කිව් වේවා, හොද මඩ ඉස්සරහට :)
Deleteදාගනින් අඩේ ෆලෝවර් ගැජට්ටුව නැත්තං එන්නෙ කෝමෙයි... අලුත් ඒව අපිට මිස් වෙයි... සෙද්ද...
ReplyDeleteඔන්න දැම්මා, සෙද්ද මට අමතක වෙලා ඕයි හිටියෙ මතක් කලාට තැන්කුයි :D
Deleteඑල එල මඩයා.
ReplyDeleteඔහොම යන්. ඊලග බ්ලොග් කරුවා කව්රුන් වෙයිද...?
දේශකයා තමා ඊලග එකා උනේ
Delete