Monday, February 24, 2014

චූටි කොලුවා 2 කොටස

      පෙරේදා ලිව්ව පෝස්ටුව බනිය අයින් කරන්න කියල කිව්ව නිසා අයින් කරන්න සිද්ධ උනා, උබල ඒක බලන්න ඇවිත් මංමුලා උනානම් ඒකට මාගේ සාතිසය මෙව්ව එක.අද ඉතින් මන් මේ කියන්න ආවේ බ්ලොග් අවකාසයේ මන් දැකපු ලාබාලතම බ්ලොග් කරුවාගේ වීර වික්‍රමයන්ගෙ දෙවන කොටස අරන්.අනේ මන්ද මූ දගලන හැටි දැක්කම හිතෙන්නෙ මුට මොනාහරි කියන්නමයි.මේව ඉතින් අපේ සමහර සමකාලීන ඇත්තන්ටනම් නයාට අදුකොල වගේ.ඇයි ඉතින් එයාලගෙ වෙබ් ට්‍රැෆික් වැඩි කරන්න සෑහෙන දායකත්වයක් දෙනවනෙ මේ පොඩි කොල්ලො.මන් මෙහෙම කිව්ව කියල උබල ඉතින් තරහ වෙන්න එපා මාගේ හිතවතුනී.

      මගෙ කලින් පෝස්ටුවෙන් මන් කිව්වනෙ හිතින් හෙනට වයස ගිය ඒත් තාම නැට්ටට කිරි උරපුවත් නැති කොල්ලෙක් පොර වෙන්න යන එක ගැන.මෑන්ස් මන් ඒ පෝස්ටුව දාල දවස් දෙකතුනක්ම යනකන් බුකියෙවත් බ්ලොග් වලවත් ඇහැට දැක්කෙ නෑ.අනික මෑන්ස් ඒ පොස්ට් එකට කමෙන්ට් කරලත් නෑ, ඒ මොකද ඒ මන් කියපු දේවල් මෑන්ස්ට බොරු කියල ඔප්පු කරන්න බැරි නිසා.මන් හිතුව මිනිහත් කෙල්ලො බෙල්ලෙ වැල දාගන්නව වගේ බෙල්ලෙවැල දාගත්තද වත් කියල, ඒත් ඊයෙ ඉදල මෑන්ස් ඔන්න ආයෙත් කරලියට බැහැල.ඔන්න අද අපේ මහාචාර්ය තුමාගෙ බොගේ කමෙන්ට් කරපු අයට රිප්ලියි කරල සංවාදයක් ගොඩනගල.ආයෙ ඉතින් ඒ වෙන මොකටවත් නෙමේ පින්වතුනී ඔහුගේ පොරත්වය ඉස්මතු කරගන්න තමා ඒ.මෑන්ස් පය ගහන්නෙම බ්ලොග් ලෝකෙ පොරවල් කියල හංවඩු ගැහිල තියන බොගවල් අස්සෙ තමා, ඒව අස්සෙ ගිහින් රගනව අම්බානක කට්ටිය අතරෙ ජනප්‍රිය වෙන්න, තම පොරත්වය ඉස්මතු කරගන්න.දැන් ඉතින් සමහර උන් කියයි මන් මේ ඉරිසියාවට කියන කතා කියල.අනේ මන් මොකට ඉරිසියා කරන්ඩද ආයුබොවන්ඩ මාත් මේ අද ඊයෙ මෙතනට පහල උන ඇත්තෙක් නෙමේ.මාත් මේක කාල හොදට වතුර බීපු මනුස්සයෙක්.

      බ්ලොග් ලෝකෙ පොරක් වෙන්නනම් කරන්න සුදුසුම දේ විදිහට මන් දකින්නෙ යමෙකුට ආසාවෙන් කියවන්න පුලුවන් දේවල් වැඩි වැඩියෙන් ලියන එකයි (ඔව් ඔව් මන් මේ ලියන්නෙ බහුබූත තමා, මොකද මට මෙතන පොර වෙන්න ඕන නෑ) කොච්චර බ්ලොග් ලෝකෙ රුගුවත් වැඩක් නෑ තමන්ට හරිහමන් දෙයක් ලියාගන්න බැරිනම්.අනික තමා අනිත් බ්ලොග් කාරයන්ට ගරුත්වයක් දීල කතා කරන එක.තමුනුත් උන්ගෙ වයසෙ වගේ රගපාන්නෙ නැතුව අදාල අයට නිසි ගරුත්වය දීල අයියෙ අක්කෙ කියල කතා කරනවනම් අනිත් බ්ලොග් කාරයො උනත් අනේ මල්ලි කෙනෙක්නෙ කියල හොදට සලකනව.ඒකට මන් දැකපු හොදම උදාහරණ වලින් එකක් තමා මුදිය නොහොත් සමිය කියන්නෙ.සමිය මන් දැකල තියනව ගොඩක් තැන් වලිදි අනිත් අයට ඒ ගරුත්වය දීල කතා කරනවා.ඒ නිසා ඒ කොල්ලට අපි කවුරුත් ආදරේ කරනවා.

       ඉතින් මේ අපේ අවුරුදු 17තේ චූටි කොලුවනම් හදන්නෙ තමන්ගෙ වයස අනිත් අයගෙන් හංගල බ්ලොග් ලෝකෙට වැඩි වයසක් පෙන්නල, පොර ටෝක් දීල කට්ටිය අල්ලන් පොර වෙන්න.අපිනම් ඉතින් දන්නව ගොනා හැරෙද්දිම පොල් පැලේ කන්න තමා කියල.මෑන්ස්ගෙ තවත් පුරුද්දක් තමා දාන දාන කමෙන්ටුවට තමන්ගෙ නැට්ට එල්ලීම (නම හෝ බොගට ලින්කුව දාල) ඒකත් ඉතින් හොද උපක්‍රමයක් තමා කට්ටිය ඇදගන්න.මොනා උනත් ඌ ඇත්ත වහන් කරල ලොකු ලයින් එකක් අල්ලන එකනම් මට පෙන්නන්න බෑ.ඒකයි මේ වගේ තේරුමක් නැති දේවල් ලියන්න හිතෙන්නෙ. :D

ප.ලි :- මෙතන කට්ටිය මට බැන්නත් මන් ඕව්ව ගනන් ගන්නෙ නෑ, මොකද මන් පොර වෙන්න ලියන දේවල් නෙමේ මේ.
අනික මන් උබලගෙ බොගවල් වලට කමෙන්ටු කොටන් නෑ කියල හිත් අමනාප කරගන්න එපා.මන් හැකි හැම වෙලාවකම බොලාගෙ බොගවල් වලට මගෙ අනිත් එකෙන් අදහස් දක්කනවා :D

Thursday, February 20, 2014

කයිවාරු දුලා

මෙය විහිලුව පිනිස කරන මඩක් නොවේ!!!

       සිංහල බ්ලොග් අවකාශයේ කයිවාරු කාරයන්, අලි ඔලු කාරයන්, වයසට වඩා හිතින් මෝරපු උන්, ඕනෑවට වඩා රගන්නන් එදත් සිටියේය අදත් සිටින්නේය අනාගතයේත් බිහිවන්නේය.එය මා වසර 4ක් පමණ බ්ලොග් අවකාශයේ සැරිසරා ලබාගත් අත්දැකීම් වලින් මට පැහැදිලිවම තේරුම් ගිය දෙයකි.එදාට වඩා අද බ්ලොග් අවකාශය තුල රගන්නන් බොහෝසේ වැඩි වී ඇත.ඒ අතරින් මේ දිනවල වැඩියෙන්ම රගන්නේ දුලාගේ අඩවිය අටවන් ඉන්න සදුන් දුලන්ජන කියන හාදයාය.සමහර විට මෙම පුද්ගලයාට වඩා බ්ලොග් අවකාශය තුල රගන්නන් බොහෝ සේ සිටිය හැක, ඒත් මේ දිනවල මා නෙත ගැටුන උන්ගෙන් වැඩියෙන්ම රගන්නේ මොහුය.

     වැඩිහිටියන්ට අයියේ අක්කේ නැන්දේ මාමේ කීම අප කුඩා කල සිට අප දෙමව්පියන් විසින් අප හට පුරුදු කරන ලද්දකි.ඒත් දැන් ඉන්නා සම හරක්ට ලමයි ඉන්න මැදිවිය ඉක්මවූ අය පවා මචංලාය.උන්ට හොද නම් මට පාන්ද කියා මට වෙලාවකට සිතේ, ඔබටත් සමහරවිට එසේ සිතෙනු ඇත.ඒත් වැඩිහිටියන්ට ඒ ආකාරයෙන් ගරු නම්බු දී කතාකිරීම යහපත් සමාජ ගතිලක්ෂණයකි.මාසයක් 2ක් අවුරුද්දක් හමාරක් වැඩිමල් වූවන්ට අයියේ අක්කේ නොකියා මචං කීම මා එතරම් ප්‍රතික්ෂේප කරන්නේ නැත.මන්ද ඔවුන් එක වයසේ වැන්නවුන් නිසාය.මා වුවද මට වඩා අවුරුද්ද 2 3 වැඩිමල් අයියලා අක්කලාට මචං නොකියනවාම නොවේය.එහෙත් අපට වඩා තරමක වයසින් වැඩිමල් අය සදහා අයියේ අක්කේ යැයි කීම අපේ යුතුකමයැයි මා සලකනු ලබයි.

     මා මෙහි සදහන් කල පුද්ගලයා හට එහෙම අයියේ අක්කේ කීමේ පුරුද්දක් පිහිටා නැත, බ්ලොග් කිහිපයක පමනක්නම් මා ඔහු අවුරුදු 50ක පමණ වයස් සීමාවේ සිටින බ්ලොග් කරුවන්ට අයියේ කියනු මා දැක ඇත.ඔහු සිතාගෙන සිටින්නෙ ඔහුත් අවුරුදු 30ක 35ක යුග පුරුෂයෙකු බවයි.ඇත්තනම් මොහුට තාම අවුරුදු 17 ලැබුවා පමනක්ය යන්නයි.මෙය මොහු වසන් කරන මොහුගේ ඇත්ත වයසයි.මොහු ඇත්ත හෙලිවේ යයි බියෙන් කිසිම විටෙක තම ෆේස්බුක් ප්‍රොෆයිලය තුල තම වයස ඉදිරිපත් කරන්නේ නැත.එහෙත් පුහුල් හොරා කරෙන් දැනේ කියන්නාක් මෙන් මොහුගේ 17ත් වන උපන් දිනය යෙදුන දින ඔහුගේ පාසල් මිතුරන් විසින් ඔහු හට සුබ පැතූ වොල් පෝස්ට් කිහිපයක් අහම්බෙන් මා නෙත ගැටුනේය.ඉන් එකක තිබූයේ ක්ලාස් එද්දි කේක් ගෙනෙන් කියාය, එය දුටු විට මට වැටහුනේ මෙම පුද්ගලයා තවමත් පාසල් යන පුද්ගලයෙක් බවය, මා ඔහු හට සුබ පතා තිබූ ඔහුගේ මිතුරන් කිහිපදෙනකුගේ විස්තර සොයා බැලුවේය, එහිදී මා හට දැක ගත හැකි වූයේ මොවුන් සියලු දෙනාම වයස 17 සීමාවේ පසුවන්නම් බවය.මොහු මොහුගේ වයස හංගන බව පෙන්වීමට හොදම උදාහරණයනම් මා පෙර සදහන් කල ඔහුගේ මිතුරකු ක්ලාස් එද්දි කේක් ගෙනෙන් යයි සදහන් කල පෝස්ට් එක දුලා විසින් මකා දැමීමයි.

     මෙය පමනක් නොව මා සතුව තවත් සාක්ෂීන් ඇත, මා ඔහුගේ සත්‍ය වයස සෙවීම සදහා ෆේස්බුක් ෆේක් අකවුන්ට් එකක් කෙල්ලකගේ නමින් සාදා මොහු හා සන්වාදයකට එලඹින.මුලින් මොහු සත්‍ය තොරතුරු පැවසුවත් සංවාදය යමතාක් දුරකට යාමේදී මොහු හට සැක සිතී මොහු කීවේ තමා අවුරුදු 40ක 50ක පමන පුද්ගලයකු බවත්, ඔහුගේ ප්‍රොෆයිලයේ සිටිනා ඔහුගේ මිතුරන් හා එක්ව ඔවුන් අවුරුදු 17ක සිසුන් පිරිසක් ලෙසින් රංගනයක යෙදෙන බවත්ය.එමගින්ම ඔබට තේරුම් යනවා ඇත මොහු කෙතරම් පහල මානසික්වයකින් පෙලෙනා අයකුද යන්න වග.ඔහුට අවශ්‍ය වී ඇත්තේ තමා හෙන පරිනත පුද්ගලයෙකු බව ලොවට මවා පා වැඩිහිටියන්ටද මචං කියා ඔවුන් අතර ජනප්‍රිය වීමය.

     මේ ලගදී දිනක කෙන්ජිගේ බ්ලොගයේ ඇනෝවකු මගින් කමෙන්ටුවකින් කියා සිටියේ 

හොක් හොක් ඌත් පොරක්ද? ඌත් දසයෙක්ද? අවුරුදු 17තේ පාලම් කොකා..."

කියාය, එයට පිලිතුරු ලැබුනේ මෙලෙසින්ය,


  • මට නම් මචෝ ඌ සැබෑ පොරක් & බොක්කක් ...
    උඹට අවුල් වගේද මචන්...
  • මගේ කෙරුවාවල් දන්නේ බ්ලොග් අවකාශයේ අතලොස්සක් විතරයි.මගේ ජීවිතය තව ටික කලක් පවත්වාගන්න ඕන නිසා මගේ පෞද්ගලික අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම හෙළි කිරීමට නොහැකියි.ඒක නිසා උබ මට අවුරුදු 7යි කියල හිතන් හිටියත් කමක් නෑ .

    වයස අඩුවෙන් හිතන තරමට හොඳයි.
  • නැද්ද කෙන්ජයියේ ...
  • නැතුව...නැතුව,,,,මල්ලියේ ....
  • "මගේ කෙරුවාවල් දන්නේ" උබත් මහලොකු කෙරුමෙක්ද බන්....
    "මගේ ජීවිතය තව ටික කලක් පවත්වාගන්න ඕන නිසා මගේ පෞද්ගලික අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම හෙළි කිරීමට නොහැකියි" අනන්‍යතාව ඔප්පු කරන්න බැරි උබට තාම අවුරුදු 17ක් කියල ඔප්පු වෙන නිසා.පුලුවන්නම් බ්ලොග් කාරයො එකතුවෙන අවස්ථාවකට ඇවිත් උබ ඔය කියන තරම් කෙරුමෙක් කියල ඔප්පු කරපන්.

    කෙන්ජියො මචං මුගෙ බයිල වලට අහුවෙන්න එපා මං මේ හොදට දැනගෙන කියන්නෙ මූ ඇවිල්ල පුස් වෙඩිල්ලෙක්..අවුරුදු 17යි කියල ඔප්පු වෙන එක නවත්තන්න මූ රගනවා අවුරුදු 30 35 පැනපු එකෙක් වගේ...
  • එහෙමද මචං ඇනෝ ... උඹත් මාර හෝඩුවාවල් දෙන්නෙ බං ...TQ
    මගේ නංගිල 3 දෙනාම බැදල ....ආයේ ඔය වගේ මොනව හරි තියෙනවනම් කියාහන් ..
  •        
    මෙය දුලාගේම බ්ලොගයේ ඇනෝවෙක් ඔහුට අවුරුදු 17යි කී අවස්ථාවක්

  • උබේ හිට්ස් සොච්චමක් ඌට ඕනෙ නෑ බන්, අමතක කරන්න එපා වැඩි හිට්ස් ලබන බ්ලොග් අතර යම්කිසි මට්ටමකින් දේශකයගේ බ්ලොගත් තියනවා.උබල බ්ලොග් කියවලවත් නැතුව ඇති ඌ බ්ලොග් ලියන්න පටන්ගද්දි.

    මේ ඒක නෙමේ උබේ වයස අවුරුදු 17යි නේද පොඩිඑකෝ තාම?
  • 17ක් වුනා නම් කොච්චර සෝක්ද .....
  • දුලාගෙ මල්ලිට 17 යි නේද
  • අඩේ ඔව්නෙ.ඌ ඕ ලෙවෙල් කරේ ගිය අවුරුද්දේනෙ!
  • දැන් මා පැවසූ කරුනු හා මෙම කමෙන්ටු තුල ඇති දෑ කියවීමෙන් මෙම පුද්ගලයා කව්රුන්ද යන්න ඔබට පැහැදිලව අවබෝධ වනු ඇත.අද මා ඔහුගේ පන්තියක මිතුරන් දෙදෙනකු සමග කල සංවාදයක් මෙසේ ඉදරිපත් කරන්නම්.

    මොවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිනිස අදාල ස්ථාන වර්න ගන්වා ඇත.


    දැන් ඔබට මොහු පිලිබද සියළු සත්‍ය වැටහී ඇතයි මා සිතමි.

         මල්ලියේ උබ මේක කියෝනවනම් මේ ටික හිතටගනින් මුලින්ම පුරුදුවෙයන් මිනිස්සුන්ට වයස බලල කතාකරන්න, උබ තාම ඉස්කෝලෙ යන ‍එකෙක් කියල ලෝකෙට හංගන්න එපා ඉස්කෝලෙ යනව කියන්නෙ ලැජ්ජ වෙන්න දෙයක් නෙමේනෙ.අනික බ්ලොග් අවකාශෙ උබෙ අප්පගෙ බූදලේ කියල හිතන් මෙතන රගන්න ලෑස්ති වෙන්න එපා උබලට වඩා වයස මිනිස්සු මේකෙ ඉන්නවා උබලට වඩා සෑහෙන කල් ඉදල මේකේ ඉදපු අතීතය දන්න මිනිස්සු උබල වගේ මේකෙ රගන්නෙ නෑ, උන් උන්ගෙ පාඩුවෙ ලියන දෙයක් ලියාගෙන කමෙන්ටුවක් කොටාගෙන ඉන්නවා.උබත් එක පාර බුදුවෙන්න යන්නෙ නැතුව හිමිහිට හොද තැනකට එන්න උත්සාහ කරපන්.අර දේශකයට සංවාදෙකට එන්න කියල ඌව පාච්චල් කරන්න හැදුව වගේ ගොන් වැඩ කරන්න එපා.අන්තිමට උබවමයි චාටර් වෙන්නෙ.අනික ඉක්මනින් වයසට යන්න කියල හිතන්න එපා ඉක්මනින් වයසට ගියා කියන්නෙ ඉක්මනින් මාරයට ලංවෙනව කියන එක.අපි දැන් ජීවිත කාලයෙන් බාගයක් විතර ගෙවල ඉවර කරපු මිනිස්සු, ඒ උනාට අපි තාමත් ආසයි පුංචි කාලෙට යන්න.අනේ මන්ද උබල මොකට මේ හිතින් වයසට යන්න හදනවද කියල.පුංචි කාලේ පුංචි විදිහට ඉදපන් තරුණ කාලෙ තරුණ විදිහට ඉදපන්.හිතින් නාකි වෙන්නවත් සමාජයට තමන් හෙන පරිනතයි කියලවත් පෙන්නන්න එපා.මගෙ දේශනේ ඉවරයි දැන්වත් හැදියන් පුලුවන්නම්.අන්තිම වශයෙන් මතක තියාගනින් මෙතන රගන්න හදන්න එපා මේක උබේ අප්පගේ බූදලේ නෙමේ මේක අපි හැමෝටම අයිති දෙයක්, උබ රගන්ඩ එද්දි අහක ඉන්න අපිටත් පොඩ්ඩක් ඇවිස්සෙන ගතියක් එනවා.

        මේ ටික කියන්නෙ මේක කියෝන දුලා හැර අනිත් බ්ලොග් සහෘදයන්ට උබල මේ පොඩි කොල්ලට මල්ලියෙක්ට වගේ ආදරෙන් මල්ලියේ කියල සලකහල්ල පව්නෙ පොඩි එකා දුක දරාගන්න බැරුව ඇඩුවොත් එහෙම ජංගි කොටේ ගැලවුන නිසා :D අනිත් රගන උනුත් දැන්වත් හැදියල්ල  :D

    Sunday, February 16, 2014

    ප්‍රකට බ්ලොග්කරුවෙකුට නන්නාදුනන පිරිසක් පහරදේ

             ඊයේ හවස් යාමයේදී මුහුදු වෙරලක් අසලදී ඡායාරූප ශිල්පියෙකු හා බ්ලොග් ලියන්නකු වූ පුද්ගලයෙකුට අවට සිටි පුදේශවාසීන් පිරිසික් පහර දී ඇත.එම පහර දීමට හේතු වි ඇත්තෙ එම බ්ලොග් ලියන්නා විවිට අයුධ සහිත උපකරණයක් අතෙහි තබාගෙන මුහුදු වෙරල අසල රැදී සිටීමේදි ඇතිවූ බහින්බස් වීමක් බව පැවසේ.අප මාධ්‍ය කණ්ඩායම අදාල පහරකෑමට ලක්වූ බ්ලොග් ලියන්නාගෙන් මේ පිලිබද විමසීමේදී ඔහු කියාසිටියේ එම ආයුධය පෙරදින තම පෙම්වතිය වැලන්ටයින් දිනය වෙනුවෙන් ඔහුට තිලින කල එකක් බවත්, ඔහු එය රැගෙන වෙරල අසලට පැමිනියේ එයත් සමග ඡායාරෑපයකට පෙනීසිටීමට බවත්ය.එම අවස්ථාවේදී අවට ගම්වැසියන් එක්වී ඔහුව මුහුදුට දමා පහරදුන් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    Wednesday, February 12, 2014

    දේශකයාගේ ට්‍රිප් එක


    මඩයා :- අඩෝ වෙරලුවා

    දේශකයා :- හැක් තෝත් ආවද ඒ ගමන මට මඩ ගහන්න

    මඩයා :- පිස්සුද බන් මඩකට නෙමේ නිකන් කතාකලේ :D

    දේශකයා :- බොලාත් එක්ක කතාකරන්නත් බයයි යකුනේ අර සෑමත් බේරිල තියෙන්නෙ නූලෙන්නෙ හැක්

    මඩයා :- කිව්වම අහපන් බන් මඩ ගහන්න නෙමේ නිකන් කතා කලේ.මඩ ගහන්නෙ ඉන්ටර්විව් එකක් විදිහටනෙ

    දේශකයා :- හැක්

    මඩයා :- කොහොමද බන් ට්‍රිප් එක?

    දේශකයා :- ඇයි යකෝ අර බොගේ කොටල තියෙන්නෙ

    මඩයා :- ඒක කියෙව්ව බන්, සිරාවටම උබට වැඩි උනාද?

    දේශකයා :- උබ මේ මගුලක් අහනව යකෝ පැයක් යනකන් මොනවත් මතක නෑ කිව්වම

    මඩයා :- උබ මොනාද බන් එච්චරටම බිව්වෙ? :D

    දේශකයා :- අනේ මන්ද බන් බෝතලයකට වඩා බිව්ව මගෙ හිතේ

    මඩයා :- තොගෙ පච :P

    දේශකයා :- පච නෙමේ යකෝ

    මඩයා :- පලයන් පලයන් බොරු නොකිය බෝතලයක්නම් ගහන්න නැතුව ඇති :D

    දේශකයා :- හැක්

    මඩයා :- ඇත්ත කියහන්

    දේශකයා :- ඇයි උබ අහන්නෙ

    මඩයා :- නෑ යකෝ නිකන් ඇහුවෙ

    දේශකයා :- තෝ මේක එතන කියනව එහෙම නෙමේ ඔන්න මන් එච්චර බිව්වෙ නෑ බන්, ගෑනි කියලමයි යැව්වෙ හතරගාතෙන් ආවොත් ගෙට ගන්නෑ කියල

    මඩයා :- එතකොට ඇදුම් ගලවපු සීන් එක ඇත්තක්ද? :D

    දේශකයා :- ඉදපන්කො කියනකන්, කොහොමහරි මන් කාලකට වඩා ගැහුවෙ නෑ, නාල ඇවිල්ල බලද්දි එතන තිබ්බ කෝක් බෝතලයක් මන් ඉතින් ඕක එක හුස්මට ඇදල දැම්ම

    මඩයා :- ඉතින්

    දේශකයා :- මට පලවෙනි උගුර බොද්දිම තේරුණා බන් කලවම් කරල කියල ඒත් ඕන මගුලක් කියල බෝතලේම ඇදල ඇරිය.මට ටික වෙලාවක් යද්දි බන් වැදුන වැදිල්ලක් නිකන් කැරකෙනව වගේ

    මඩයා :- කලවම් කරපු ටිකට එච්චර වැදුනද බන්

    දේශකයා :- අපේ උන් ජින් බන් දාල කලවම් කරල තියෙන්නෙ, කලින් ඒ ජාතිය බීල පුරුදුත් නෑ බන් ඒකයි වැදිල තියෙන්නෙ.උන් කලින් ඉදන් ප්ලෑන් කරල බන් වැඩේ කරල තියෙන්නෙ.

    මඩයා :- ඉතින් උබ කලින් බොද්දි ඒ බෝතලේ තිබ්බෙ නැද්ද?

    දේශකයා :- නෑ බන් උන් ඒක හංගල තිබිල තියෙන්නෙ

    මඩයා :- උබට වැදුනම ඉතින් මොකද කලේ? :D

    දේශකයා :- ඒක මන්වත් දැන්නෑ යකෝ, හැක් 

    මඩයා :- එතකොට අර උබ කුස්සියට ගිහින් කාපුව අතහෝදන් නැතුව ගියපුව ඇත්තද :D

    දේශකයා :- අනේ මන්ද බන් අපේ උන් කියන්නෙ එහෙම තමා

    මඩයා :- උබ වෙන මොනාද ඉතින් කරල තියෙන්නෙ

    දේශකයා :- පල පල මට කරදර නොකර හැක්

    මඩයා :- කියහන් බන් රෙද්ද :/

    දේශකයා :- බොලාට ඕව කියල මට මඩ ගහද්දි මට මෙතන ඉන්ඩත් බැරිවෙයි

    මඩයා :- මඩ ගහන් නෑ බන් කියහන්කො මන් කාටවත් කියන් නෑ :)

    දේශකයා :- මන් බොගේ ලිව්වෙ ඒ ටික තමා බන්. මන් එතන රෙස්ටොරන්ට් එකේ ඩෙගානටල කියල තමයි අපේ උන් කියන්නෙ

    මඩයා :- ඇයි උබ මොනාද කරල තියෙන්නෙ

    දේශකයා :- මොනාද කරල නැත්තෙ අහපන් හැක්

    මඩයා :- කියහන්කො බලන්න :D

    දේශකයා :- ඔන්න බන් කකා ඉද්දි චිකන් කෑල්ල ඉවර වෙලා මන් ඉතින් චිකන් හොයන්න කිචන් එකට ගිහිල්ල, කිචන් එකට යනව කියල ගිහින් තියෙන්නෙ වොශ්රූම් එකට

    මඩයා :- හුටා :D

    දේශකයා :- හුටා නෙමේ යකෝ හුකා, තෙත ටයිල් පොලවනෙ බන් බත් එකත් එක්ක මාව ගෙම්බ පොලේ ගැහුව වගේ ඇදන් වැටිල.

    මඩයා :- ඉතින් :D

    දේශකයා :- සද්දෙ ඇහිල අපේ උන් බලල මාව නැගිට්ටල ගෙනිහින් පුටුවක ඉන්දල ආයෙ බත් එකක් අරන් දීල කන්ඩ

    මඩයා :- ඉතින් උබට වැටුනවත් මතක නැද්ද :D

    දේශකයා :- ලාවට වගේ මතකයක් බන් තියෙන්නෙ

    මඩයා :- වෙන මොනාද උබ කරල තියෙන්නෙ

    දේශකයා :- පස්සෙ කාල ඉවර උනාම චූ කරන්න කියල ආයෙත් වොශ්රූම් එකට ගිහින් බන්

    මඩයා :- ඉතින්?

    දේශකයා :- තොපිට මේව කියන්ඩ බෑ අන්තිමට තොපි මටමයි මේවගෙන් මඩ ගහන්නෙ

    මඩයා :- නෑ බන් එහෙම කරන් නෑ කියහන්කො

    දේශකයා :- මම ඉතින් චූ කරන්න කියල ගිහින් තියෙන්නෙ ලේඩීස් ටොයිලට් එකකට බන්.

    මඩයා :- ඉතින් යකෝ ගෑණු හිටියෙ නැද්ද :D

    දේශකයා :- මට මතක නෑ බන්, අරුන් කියන්නෙනම් හිටියෙ නෑ, මන් ගිහින් චූ කරල ආව කියල.

    මඩයා :- විලිහැත්තෑවයිනෙ යකෝ :D

    දේශකයා :- ඒ වෙලාවෙ ඒව තේරුන් නෑ යකෝ

    මඩයා :- උබ ඉතින් ඔය ඔක්කම කලේ අර ශෝට ගහගෙනද?

    දේශකයා :- හැක් හැක් ඔව් බන්

    මඩයා :- ඉතින් උබ අර බස් එකේදි කට්ටිය ඉස්සරහ ශෝට ගලෝල කලිසම ඇදගත්ත කියන්නෙත් ඇත්තද?

    දේශකයා :- ඔව් බන් අපේ එවුන් පොටෝත් අරන් ඒ මදිවට, මට ඔපිස් එකේ උන්ගෙ මූන බලන්නත් ලැජ්ජයි බන්, දකින දකින එකාගෙ වැඩේ කින්ඩියට හිනාවෙන එකමයි

    මඩයා :- උබේ හූනුබිජ්ජ මතක්වෙද්දි උන්ට හිනාව නවත්තගන්න බැරුව ඇති :P

    දේශකයා :- හූනුජිබ්බ හැක් තෝ මගෙන් අහගන්න එපා ඉතින්

    මඩයා :- උබ ඉතින් බස් එකේ සින්දුත් කිව්වලු නේද?

    දේශකයා :- සින්දු කිව්වනම් බැරියෑ,3න් පාරක් කබරය දාල, ඒ මදිවට කුණුහරප විමානෙලු,  පාරෙ යන උන්ටත් හූ කියල

    මඩයා :- ඉතින්

    දේශකයා :- අපේ උන් කරන්න දෙයක් නැති කමට බස්එකේ ජනෙල් වහගෙනලු බන් ආවෙ, මට ඔය මොනවත්ම හරියට මතක නෑ බන්

    මඩයා :- උබ ගෙදර ගියෙ කොහොමද ඉතින් :D

    දේශකයා :- කොලඹට ලන්වෙද්දි යන්තන් වගේ සිහිය ආව බන්, අපේ උන් මාව ගේ ලගින් බස්සල ගියා

    මඩයා :- බොට ගෙදර ගියාම පවුල හොදට සලකන්න ඇති නේද?

    දේශකයා :- හැක් හැක්

    මඩයා :- කියහන් කියහන් ඒ ටිකත්

    දේශකයා :- උබටත් කුණු ගොඩවල් අවුස්සන්නෙ නැතුව ඉන්නම බෑ නේද යකෝ

    මඩයා :- කියහන්කො ඉතින්

    දේශකයා :- ගෙදර ගියාම ගෑනි කතා නෑ බන්, ඒ මදිවට කන්ඩ දුන්නෙත් නෑ

    මඩයා :- උබ ඉතින් මොකද කලේ

    දේශකයා :- මොනාකරන්ඩද බන් මන් කෑගැහුවනම් ගෑණි ඇගට කඩාපයින නිසා කටවහන් නිදාගත්ත

    මඩයා :- අනේ මන්ද බන් බොටත් වෙන වැඩ

    දේශකයා :- ඒ උනාට බන් ඒකෙත් ආතල් එකක් තියනව බන්

    මඩයා :- උබට කෙසේවෙතත් අපිටනම් රජ ආතල් මේව අහද්දි

    දේශකයා :- හැක් හැක්

    මඩයා :- මන් මේක බ්ලොගේ දාන්නද?

    දේශකයා :- තො කිව්ව නේද යකෝ දාන්නෙ නෑ කියල 

    මඩයා :- කියන්ඩනම් කාටද බන් බැරි :D

    දේශකයා :- තෝ ඕක දැම්මොත් මන් තොගෙ බොල පැත්ත පලාතෙ එන්නෑ 

    මඩයා :- හැක් හැක් බලමුකො බන්

    දේශකයා :- හැක් හැක්

    මඩයා :- මන් යනවා බන්

    Monday, February 10, 2014

    අපේ යාළු සෑම්


         මේ තමයි මඩයගේ බ්ලොගේ පලවෙනි පෝස්ටුව, මේ බ්ලොග මන් පටන් ගැනීමේ ප්‍රධාන අරමුණ තමා මඩ ගහගැනීම.හැබැයි රණ්ඩු වීම් කුණුහරප කීම් ඔට්ටු නෑ.පලවෙනි පෝස්ටුවට මම තෝරගත්තෙ අද හිට්ස් ලක්ෂ 5කට ලගා උනු සෑම්ගේ කතාව ලියන සෑම්ව.අපි බලමු සෑම් මොනාද කියන්නෙ කියලා.

    මඩයා :- සෑම්, මඩ වල බ්ලොගේ පලවෙනි පෝස්ටුවට ඔබ සහභාගී වීමට කැමතිද?

    සෑම් :- කොහොම සහයක්ද ඕනෑ?

    මඩයා :- මා අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම ප්‍රමාණවත්

    සෑම් :- හලි

    මඩයා :- අපි ඔබගේ සම්පූර්ණ නම දන්නවානේ, කැමතියි ඔබට පවුලේ අය කතාකරන නම දැනගන්න

    සෑම් :- ගෙදර අය - චූටි පුතා / චූටී නෑදෑ අයියලා/අක්කලා - සමී බොහොමයක් අය සෑම්

    මඩයා :- පාසල් මිතුරන් එකල ඔබ ඇමතුවේ?

    සෑම් :- සෑමා/සෑම් , සැමියා කියලත් කිව්වා :(

    මඩයා :- වෙන චාටර් නම් තිබුනෙ නැද්ද?

    සෑම් :- සැම්සන් කිව්වා තරහට නෙවෙ, ආදරේට

    මඩයා :- එච්චරද?

    සෑම් :- යර්ස්

    මඩයා :- පාසල් සමයේ කරපු පිස්සු වැඩ ටිකක් කිව්වොත්?

    සෑම් :- බ්ලොග පිරෙන්න ඇති බං , මුල් ලිපි වල

    මඩයා :- නෑ මෙතන ඔබ පැවසිමට කැමති හොදම එක පිස්සු වැඩක්වත් කියන්න

    සෑම් :- හයියූ.. එක පාරට මතක් කරන්න එපැ , හොදම ආතල් එක තමා අනිවාරතේ ලියන ගැටයාව , ඌ ඒ කාලෙ තනි ඇටයා , ප්‍රිෙෆක්ට් රූම් එකේ එල්ලලා තිබ්බා දොරේ ඉබ්බා අරන් ගිහින් , උගෙ කලිසමේ ලූප් එකට දාල ලොක් කලා , ඌ මාර දුකක් වින්දා ෂර්ට් එක උඩින් දාගෙන ඉදල , යතුර නැති නිසා මූ ලූප් එක කපලා ඉබ්බා එහා වත්තට විසික් කලා , පස්සෙ HP ආව යතුර අරන්. ඌ අපේ එකෙක් මයි , එතකොට යතුරත් වැඩක් නැහැ ඉබ්බා එහා වත්තෙ නිසා

    මඩයා :- නියමයි...ඒ කාලෙ ක්ලාස් එහෙම කට් කරල රවුන්ගහල තියනවද?

    සෑම් :- හිකිස් , සදාතනිකව ;) මම ඕලෙවල් කලේ චිත්‍ර බං. කවදවත් පන්තියෙ නැහැ , දවසක් පිනා එනව කියල කොල්ලො දුවගෙන ආපු නිසා මම සාධාරන ලෙස චිත්‍ර කාමරේට රිංගුවා , ටීචර් මාව පැන්නුවා මම චිත්‍ර නෙවෙ කියල , මම ටීචර්ට නම් ලිස්ට් එක අරන් වටහලා දුන්න මම චිත්‍ර දරුවෙක් කියල , මොනව වුනත් ගණිත පිරියඩ් එකේ පන්තියෙ හිටියා, ටීචර්ගෙ බුලිය බලන්න.

    මඩයා :- ඉස්කෝලෙ ගණන් ටීචර්ගෙ බුරිය බලන එක ඒ තරම් ආතල්ද? :D

    සෑම් :- අද තාමත් බං.. එයා තරුනයි :)

    මඩයා :- ටියුෂන් ක්ලාස් කට් කරල මොකද කලේ?

    සෑම් :- ටියුෂන් කට් කලේ එක දවසයි බං. එදා කොල්ලො සැට් එක ගියා පිලුම් එකක් බලන්න. නුගේගොඩ , දුක කියන්නෙ පාන්දර ඉදන් ටියුසන් ක්ලාස් කට් නොකර ගිහිල්ලත් විස්ස විද්‍යාලෙ නොගිය එක

    මඩයා :- A/L කීපාරක් කලාද?

    සෑම් :- දෙවරයි

    මඩයා :- විශ්ව විද්‍යාල වරම් නොලැබුනායින් පසු මොනාද කලේ?

    සෑම් :- ඊට පස්සෙ බං මගෙ යාලුවෙක් මාව ඇදගෙන ගියා මෙඩිකල් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කියල සීන් එකකට , bpo කම්පැනි එකක , ඒ ගිහින් එතන ට්‍රේනින් උනා. ඌ ntd ගියා මම merchandising සීන් එකක් කලා මොරටු කැම්පස් එකේ. තව එක එක මගුල් කලා බං.

    මඩයා :- වර්තමාන රැකියාව ගැන සදහන් කලොත්?

    සෑම් :- කොටින්ම කිව්වොත් දොස්තරලට බෙහෙත් දෙනවා

    මඩයා :- ඒ කියන්නෙ බෙහෙත් බෙදාහැරීම?

    සෑම් :- promotion

    මඩයා :- හම්...දැන් ආදරය ගැන. ඔබගේ පෙම්වතිය ගැන සදහන් කලොත්?

    සෑම් :- අර මම කියපු කොල්ලා 2008 වසරේ අර කෝස් එකට එක්ක ගිය දවස පටන් තමා මගෙ අදලේ පටන් ගත්තෙ :)  ඒක අහවර වුනා බං ගිය අවුරුද්දෙ

    මඩයා :- අහවර උනේ මංගල්‍යකින් කියල කියහන් :D

    සෑම් :- හිකිස්.. මම හිතුවා උබ දුක හිතිල මොකැ වුනො කියල අහයි කියල :/

    මඩයා :- මම බ්ලොග් නොකියවන එකෙක් නෙමේ :)

    සෑම් :- අපි දන්න එකෙක්ම වෙස් වලාගෙන ඇවිත් වගේ

    මඩයා :- ඔබත් ඇයත් මුහුණ දුන් අමතක නොවන සිදුවීම් වලින් වැඩියෙන්ම හිනායන සිදුවීම පැවසුවොත්

    සෑම් :- තකහනියෙ මතක් වෙන්නෙ නැහැනෙ , වැඩියෙන්ම හිනා යන එක නෙවෙ, මතක් වෙන එකක් කියන්නම්

    මඩයා :- ඔබගේ කැමැත්තක්

    සෑම් :- කිටී කොන්දා වූ හැටි කියල පෝස්ට් එකක් ඇති , 177 බස් එකක කොන්දා බස් හෝල්ට් එකේ බැහැල ඉන්නකොට කිටී බස් එකේ දොර වහලා, කොන්දව මග දාල බස් එක ගොඩක් දුර ආපු සීන් එකක් , කොන්දා ත්‍රිවීල් එකකින් එලවගෙන ආවෙ

    මඩයා :- ඇය දොර වැහුවේ ඇයි?

    සෑම් :- AC වල දොර වහනව නේ. ඒක වැහුවම ඩ්‍රයිවර් බලන්නෙ නැහැ ඩ්‍රයිව් කරනව , ෆුට් බෝඩ් එකෙත් සෙනග ඉදල මෙයා අත දාල වහල

    මඩයා :- වෙන මොනවද මතක් වෙන්නේ?

    සෑම් :- හ්ම්...ප්‍රසිද්ධියේ කියන්න බැරි ඒව තියෙන්නෙ

    මඩයා :- අන්න ඒව තමා වැඩිය වටින්නෙ

    සෑම් :- :P

    මඩයා :- ෆිල්ම් හෝල් වල බොක්ස් නැති හින්දා ග්‍රහලෝකාගාරෙට ගියා කියන්නෙ ඇත්තද?

    සෑම් :- බ්ලොග් එකේ කතා හැම එකක්ම ඇත්ත.විටක අදාල චරිත නාම වෙනස් කරන්න වෙනවා

    මඩයා :- විවාහ උනාට පසුව ජීවිතේ මොන විදිහටද දැනෙන්නේ?

    සෑම් :- වෙනසක් නැහැ , සම්බාධක නැති නිසා වෙන්න ඇති , දෙන්නම වැඩට යන නිසා ප්‍රශ්න අඩුයි

    මඩයා :- ඇයගේ ගතිගුණ ගැන පැවසුවොත්?

    සෑම් :- උයන්නමයි දගලන්නෙ , විනෝදාංශය ඉවීම

    මඩයා :- උයන කෑම රසයිද?

    සෑම් :- පිස්සු කොර , බ්ලොග පැත්තක එල්ලලා තියෙන මනීෂ කේටර්ස් එක ඒගොල්ලන්ගෙ. කෑම ගැන ඉතිං නෝ කතා

    මඩයා :- පලවෙනිපාරට එයාගෙන් කෑවෙ කවදද කියල මතකද?

    සෑම් :- අර කෝස් එකට යන කාලෙ කැවා. ගෙදරින් ගෙනාපුවා

    මඩයා :- ඔබත් ඇයත් එකම ස්ථානයකද රැකියාව කරන්නේ?

    සෑම් :- නැහැ

    මඩයා :- ඔබ ඇයගේ අකමැති දේවල් තියනවාද?

    සෑම් :- නොකන දේවල් හදල කන්න කියන එක තමා අවුල

    මඩයා :- තලන බටු කාල ඉවරද? :D

    සෑම් :- ඒක රසයි බං. දැන් කන්න ආසයි :ඩී අපූරුයි !

    මඩයා :- අපූරු ඇති කියල හිතෙනවා අපූරුයි කිව්වාම.

    සෑම් :- හිකිස්

    මඩයා :- දරුවන් ගැන දැන්ම සිතනවාද?

    සෑම් :- ඔව්.

    මඩයා :- ඒ කියන්නෙ වැඩි කලක් නොයා පියෙක් වෙයි :D

    සෑම් :- අපෙ අයියගෙ දරුවො මෙහෙ එන නිසා එයාල ගැන හිතල අපි කැඩෙන බිදෙන බඩු උඩින් තියල තියෙන්නෙ.

    මඩයා :- නොදකින් කියපු කතාව :P

    සෑම් :- අපි ඒ දරුවො ගැන හිතනවා. චොකලට් එකක් හරි අරන් දෙනවා

    මඩයා :- මන් ඇහුවෙ උබ දැන්ම තාත්ත කෙනෙක් වෙන්න අදහසක් තියනවාද කියල

    සෑම් :- අන්න එහෙම අහං , දැන්ම අදහසක් නැහැ , මගේ අදහස නිකං පොට්ට සොට් ගහනවට වැඩිය ප්ලෑන් කරල අසරනයාගේ පෝස්ට් එක ඇත්ත නැත්ත චෙක් කරන්න.

    මඩයා :- අසරනයාගේ පෝස්ට් එක ගැන පැහැදිලි කලොත්?

    සෑම් :- අසරණයා: තවත් එක් ලිංගික පාඩමක්.

    මඩයා :- ඔබ පියෙක් වීමට බලාපොරොත්තු වන්නේ තව කොපමන කාලයකින්දැයි සදහන් කලොත්?

    සෑම් :- අදහසක් නැහැ තාම කාලය පිලිබද

    මඩයා :- කොල්ලෙක්ටද කෙල්ලෙක්ටද ආස?

    සෑම් :- පලවෙනියා කොල්ලෙක් වෙන්නෝනි

    මඩයා :- ක්‍රිකට් ටීම් එකක්වත් හදනවද ;)

    සෑම් :- හාමුදුරුවරු කියනවනේ

    මඩයා :- පැහැදිලි මදි

    සෑම් :- හෙල උරුමෙ එහෙම කියන්නෙ

    මඩයා :- ආහ් ඒව අහල ඔබ දරුවන් රැසකගෙ පියෙක් වෙන්නද සූදානම

    සෑම් :- ඔව් , හොද නැද්ද

    මඩයා :- අති විශිෂ්ඨයි (y) , කිටී පව් නැද්ද?

    සෑම් :- දෙවියො මවපු මැෂින් නෙවෙද?

    මඩයා :- අනේද කියන්නෙ :D දැන් අපි කතා කරමු බ්ලොග් ගැන

    සෑම් :- කියන්න

    මඩයා :- ඔබ මුලින්ම බ්ලොග් කියවන්න පටන් ගත්තේ කොයිකාලයේද?

    සෑම් :- පටන් ගත්ත කාලෙම ලියන්න ගත්ත

    මඩයා :- ඔබ ආදර්ශයට ගත් බ්ලොග් කරුවන් කව්රුන්ද?

    සෑම් :- මම ගත්ද? මාව ගත්ද?

    මඩයා :- ඔබ ආදර්ශයට ගත් අය

    සෑම් :- අනිවාරතේ ගැටයා තමා මට කියල දුන්නෙ බ්ලොග අටව ගන්න , ලිපි ලිවීමට කාවවත් ආදර්ශෙට ගත්තෙ නැහැ , ‘ය‘ යන්නෙන් ලිපි අවසන් කිරීම මගේ ආර.

    මඩයා :- බ්ලොග් ලෝකෙ තරහ කාරයො ඉන්නවාද?

    සෑම් :- තරහකාරයො නැහැ.ඉරිසියා කාරයෝ තරහ ඇති , කබු නායක කියලත් නමක් වැටුන නේ

    මඩයා :- ඒ ගැන සදහන් කලොත්?

    සෑම් :- අලුත් එකෙක් ලියන්න පටන් ගන්නවට අකැමැති අය ඉන්නවා , උන් කබ්බෝ ලු නේ , ජේෂ්ඨ උත්තමයෝ කියන අය පහර දෙනවා , ඇනෝ කමෙන්ට් දාල

    මඩයා :- ඔබට කබු නායක යන නම වැටුනේ?

    සෑම් :- කබ්බන් ලීඩ් කරන්නෙ මමලු , මම කිසිම කල්ලියක් හදල නැහැ. හදාගෙනත් නැහැ , කල්ලි හදාගත්ත අය මට පහර දෙද්දි මගෙ වටේ ඉන්න බ්ලොග් කරුවෝ මා වෙනුවෙන් ඉදිරිපත් වුනාම , එයාලා කබ්බො වුනා මම කබු නායක වුනා , ඔය කියන විදිහට අපිත් කල්ලි ප්ලෑන් කරල හදා ගත්ත නම් මීට වඩා බලපෑමක් වෙලා

    මඩයා :- අලුතෙන් බ්ලොග් ලියන අයට ඔබ දෙන අවවාදය මොකක්ද?

    සෑම් :- මම කියන්නෙ අද බ්ලොග් එක නිර්මානය කලා නම්. ලියන්නෝනි එක දිගට බොහොමයක් බ්ලොග් වැහෙන්නෙ හිට්ස් නැති නිසා. ඔය හිට්ස් බලන්නෙ නැතුව බ්ලොග් ලියනව කියන එක මම හිතන විදිහට බොරුවක් , ආත්ම තෘප්තියක් ලැබෙන්න දෙයක් ඉදිරියට කරන්න ලැබෙන පන්නරය තමා හිට්ස් , හිට්ස් ගන්න එක මහ දෙයක් නෙවෙ, නොනැවතී දිගටම ලිව්වම, වැදගත්, විනෝදකාමී දේවල් වලින් පිරුනම බ්ලොග් එක ගොඩ යනවා.

    මඩයා :- ඔබ අද ලබාගත් ලක්ෂ 5ක හිට්ස් ගැන මොනවාද සදහන් කරන්න තිබෙන්නෙ?

    සෑම් :- අමුතු දෙයක් නැහැ. මම ලියන එකට මට මගේ රසිකයෝ දිපු දේ තමා ලක්ෂ පහක හිට්ස් , මට බැනල ගිය ඇනෝ කමෙන්ට් කරුවා ගේ ඉදන් සැම බ්ලොග් කරුවෙක්ම ඒ ලක්ස පහේ හිමි කාරයෝ , මට අන්තිමට ඉතිරි ආත්ම තෘප්තිය විතරයි , තව ලියන්න හයියක්. ඒ හැමෝටම ස්තුති කරනවා. නැවත වාරයක්

    මඩයා :- ඔබටත් අප සුභ පතනවා තව තවත් ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියා. ඔබ දිනකට බ්ලොග් කියවීම හා ලිවීම සදහා කොපමන කාලයක් යොදවනවාද?

    සෑම් :- ඉස්සර රැටත් කියෙව්වා. දැන් අඩුයි නේ ;)

    මඩයා :- රෑට වැඩනෙ නේද? ;)

    සෑම් :- ඔව් රෑට වැඩ කරන්න නේ දවල්ට ටිකක් නිදා ගන්නෙ :) බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන විදිහට කියවනවා. හැබැයි කමෙන්ට් ෆලෝ කරන්න වෙන්නෙ නැහැ.ඉස්සර මට වුවමනාවක් තිබ්බා දවසට අලුත් බ්ලොග් එකක් වත් ෆලෝ කරල ලිස්ට් එකට දාගන්න. දැන් දිනපතා නැති වුනත් අලුත් බ්ලොග් හොයාගෙන ෆලෝ කරනවා

    මඩයා :- කිටී බ්ලොග් ගැන දරන්නෙ මොනවගේ අදහසක්ද?

    සෑම් :- එයාට අවධානයක් දෙන නිසා දැනට අවුලක් නැහැ , එයාට කියවන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ මගේ බ්ලොග් එකවත්. සමහර වෙලාවට කියවල සද්ද නැතුවත් ඉන්නවා , එයා හිතන් හිටියෙ මම තමය් මේ ලෝකෙ එකම බ්ලොග්ර් කියල. මම පස්සෙ අපේ එවුන් ටිකකගෙ ලින්ක් දුන්නා :ඩී

    මඩයා :- අටම්පහුර ඔබ ගැන ලියූ ලිපිය ඇය කියෙව්වාද?

    සෑම් :- ඔව් , එයා ඔපිසියේදි කියවල. තිබ්බා

    මඩයා :- ඇය මොකද කිව්වේ ඒ ගැන?

    සෑම් :- හිකිස් , මට කිව්වා අර අටමාට රිප්ලයි පෝස්ට් එකක් දාමු කියල , පස්සෙ අටමාට කට්ටිය කියල තිබ්බ ඒක අයින් කරන්න කියල , කිටියා ඇහුව ඇයි ඒක අයින්කරල තියෙන්නෙ කියලත් , විහිළු විහිළු හැටියට දකින්න ඇයටත්, මටත් හැකියාව තියෙනවා.මතක ඇති නේද මම කිස් එකක් ගත්ත කියල සම-හරක් දගලපු හැටි. ඒ සිද්ධිය වෙන කෙනෙක්ට වුනා නම් පවුල හෝ කෙල්ල හෝ දාල ගිහිල්ලා , ඒ තුට්ටු දෙකෝ මානසිකත්වය අපේ නැහැ.

    මඩයා :- එම සිදුවීම සම්බන්ධ ලිපියේ යම්කිසි ඇත්තකුත් තියනවා නේද?

    සෑම් :- කොයි ලිපියෙද , අටමගෙද?

    මඩයා :- ඔව්

    සෑම් :- කොතැනද ඇත්ත තිබ්බෙ?

    මඩයා :- වැකියුම් එක යකඩ කඩේකින් ගත්ත කියන එක :D

    සෑම් :- හිකිස් , මිනුවන්ගොඩ තානායම පාරෙ තියෙන ක්‍රවුන් එකෙන් ගත්තෙ. 1000ට තමා ගත්තෙ. ඒක කඩේ 9000 වෙනවා , බඩු වැඩ. අටමා දෙවෙනි පාර ලෙසටම හදල දුන්නා

    මඩයා :- දෙවෙනි පාරත් හැදුවාද?

    සෑම් :- හිකිස් , පලවෙනි පාර හදල ඌ වැඩදාල පෝස්ට් එකත් දැම්ම නේ , ගෙදර ඇවිත් ගැහුවම සුටුස් ගාල පිච්චුනාද කොහෙද. දෙවෙනි පාර වැකුම් එකේ රෙගුලේටර් අයින් කාල ඩිරෙක්ට් ලියින් දීල.ඩස්ට් බෑග් එකක් දාල වැඩේ ගොඩ දැම්මා

    මඩයා :- අටමා ගැන ඔබ හිතන්නෙ මොනවාද?

    සෑම් :- හිත හොද එකෙක්

    මඩයා :- එහෙනම් ඉතින් අපේ පලවෙනි පෝස්ට් එකට සහය දැක්වූවට බොහොම ස්තූතියි , මෙම
    සංවාදයට මඩ ස්වල්පයක් එකතු කර තමා ලිපිය පලවෙන්නෙ එයට අකමැත්තක් නෑනේ? :D

    සෑම් :- මඩ මට වැදුනාට, සංවාදයට එක්වූ අනෙක් පුද්ගල නාම වලට නොවදින්නට වග බලා ගන්න :) ////මඩය එහෙම කිව්වට මේ ලිපියට මඩ බිදක්වත් ඇතුලත් කලේ නෑ ඕන්////

    මඩයා :- එසේ කරන්නම්, එහෙනම් ඉතින් චැටි කලාට බොහොම ඉස්කෝතුයි :) ඔබගේ යුග දිවියට, හා ඔබ දෙපලගේ අනාගතයට සුභ පතනවා. පොස්ටුව දැම්මම ඒ ගැන දැනුවත් කරන්නම් :)

    සෑම් :- ජයවේවා :)

          මඩ ගහන්නයි කියල පටන් ගත්තට අද මඩ ගැහුවෙ නෑ ඕන්, ඉස්සරහට හොද හොද මඩ දෙන්නම්කො.එහෙනම් ඉතින් කට්ටිය කමෙන්ට් එහෙම කරලා (ඕනනම් කමෙන්ට් වලින් මඩ ගහගනිල්ලා) ෆලෝ පාරක් දාල යන්න. :)